Ads 468x60px

Featured Posts Coolbthemes

Wednesday, December 20, 2017

බිරිඳට ලියපුවා

හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව කොන්ද රිදෙන ඒවා මටත් දැනේ නම් කැමතියි එහෙට මෙහෙට ගහන බෙහෙත් අපිටත් ටික ටික දෙන්නයි නොකියන ඔය වේදනාව මතක් කරන්නත් සෝකයි හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලියයි ඒත් කෙල්ලේ ඕනෙම නම් හඳට යනවා මම එහෙමයි ඔයා විඳින වේදනාව නොදැනෙන එක නම් ඇත්තයි ඒත් මැණික ඔයාට මගේ තියන ආදරේ නම් සත්තයි

Thursday, October 22, 2009

වධ මලයි වද මලුයි....!

ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ... (මම කියන්නේ ලෝකයා ප්ලග් වෙන්න හේතු සාධක වෙච්චි ඉස්කොලේ ගැන ඒක රාජකීය ඉස්කෝලයක් ඒ ගැන කාරණා පස්සෙ කියන්නං)  උදේ පාන්දරින් යනවා බස් එක අල්ලන්න.. 10-11 වසරට යනකොට පොඩ්ඩක් පරකුවෙනවා ඉඳල හිටලා ගුටිත් කනවා... හැබැයි A/L කරණ කොටනම් ලෝකයයි මායි ඉස්කෝලෙට ගියේ පාන්දර 9 බස් එකේ... එ වෙලාවට යන කොට කිසි කරදරයක් නෑ... ඉස්කොලෙ ළගට යනකොට 9.45 විතර වෙනවා දවල්ට කන්න ගෙනාපු සල්ලි වලින් පිට්සා එක වගේ හදපු පාන් පිටි ගුලියක් (ලැජ්ජා පිට්සා 1ක්..) එහෙම ගිලලා ඉස්කොලේ ඇතුලට යනකොට  10.15 විතර වෙනවා එතකොට පන්ති බාර ගුරුතුමාගේ අපි ආසම විෂය කෙමිස්ටි‍්‍ර ඉවරවෙලා... විනය පාලක තුමාවත් පි‍්‍රන්සිපල් වත් ඉස්රහින් හම්බ වෙන්නෙත් නැ.... ඉතින් දවසම සුභවෙන්න ප‍්‍රාර්ථනා කරගෙන ඉස්කෝලෙට ගොඩ වෙනවා... දැන් නාමලේඛනය හොයාගන්න ඔනේ නමට ඉස්සරහින් වැටුනු 0, 1 කරන්න හැමදාම ඉස්කොලේ ඇවිල්ලත් 80‍% බලනකොට කෙලඋණොත්...... 11.20 ට විතර ඉන්ටර්වල් එක දුන්නට දෙයියනේ..... අපි දැන් කන්නෙ මොනවද....? ගෙදරින් දුන්න සල්ලිත්

Link and Search