Ads 468x60px

Thursday, October 22, 2009

වධ මලයි වද මලුයි....!

ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ... (මම කියන්නේ ලෝකයා ප්ලග් වෙන්න හේතු සාධක වෙච්චි ඉස්කොලේ ගැන ඒක රාජකීය ඉස්කෝලයක් ඒ ගැන කාරණා පස්සෙ කියන්නං)  උදේ පාන්දරින් යනවා බස් එක අල්ලන්න.. 10-11 වසරට යනකොට පොඩ්ඩක් පරකුවෙනවා ඉඳල හිටලා ගුටිත් කනවා... හැබැයි A/L කරණ කොටනම් ලෝකයයි මායි ඉස්කෝලෙට ගියේ පාන්දර 9 බස් එකේ... එ වෙලාවට යන කොට කිසි කරදරයක් නෑ... ඉස්කොලෙ ළගට යනකොට 9.45 විතර වෙනවා දවල්ට කන්න ගෙනාපු සල්ලි වලින් පිට්සා එක වගේ හදපු පාන් පිටි ගුලියක් (ලැජ්ජා පිට්සා 1ක්..) එහෙම ගිලලා ඉස්කොලේ ඇතුලට යනකොට  10.15 විතර වෙනවා එතකොට පන්ති බාර ගුරුතුමාගේ අපි ආසම විෂය කෙමිස්ටි‍්‍ර ඉවරවෙලා... විනය පාලක තුමාවත් පි‍්‍රන්සිපල් වත් ඉස්රහින් හම්බ වෙන්නෙත් නැ.... ඉතින් දවසම සුභවෙන්න ප‍්‍රාර්ථනා කරගෙන ඉස්කෝලෙට ගොඩ වෙනවා... දැන් නාමලේඛනය හොයාගන්න ඔනේ නමට ඉස්සරහින් වැටුනු 0, 1 කරන්න හැමදාම ඉස්කොලේ ඇවිල්ලත් 80‍% බලනකොට කෙලඋණොත්...... 11.20 ට විතර ඉන්ටර්වල් එක දුන්නට දෙයියනේ..... අපි දැන් කන්නෙ මොනවද....? ගෙදරින් දුන්න සල්ලිත්

Monday, October 19, 2009

ලෝකයා හා නරකයාගේ ජීවන රෙඛාවේ ආරම්බය...........


හැමදාම කරැවල වැටෙන්න ඔන්න මෙන්න කියලා ඉර හැංගෙන්න යනකොට අනන්තයට යන පාර දිගේ බයිසිකල් කටු පාගගෙන කොහෙට හරි කමන් නෑ මුක්කුවක් ගහගෙන ලොකයාගේ වගේ මොන්ගල් ඔලු තියන තව එකෙක් එක්ක එක්ක හඳ පේනකන් බොරු කියලා....
පපුවට හුස්මත් එක්ක අපේ කාලකණ්ණි කමට පුරුදුවෙච්ච දුන් ටික අමාරුවෙන් ඔබාගෙන පේර ගස් වල කොල කකා ගෙදර යන එකේ ඇත්තටම තියන ආතල් එක මොකද්ද කියලා ලොකයෝ දන්නවා නං.....
ඌත් මොන්ටිසොරි ගියපු එකෙක් වෙන්ඩ බෑ කියලා මගේ කර වෙච්චි ඔලුව කියනවා... තව කවුරු හරි ලියන්න පෑනක් ගනිං කියලා කියනවනං උගෙන් අහන්න තියෙන්නෙ... එතකොට මට වදිනවද ?????......
උනුත් මොන්ටිසොරි ගියපු එවුන් වෙන්ඩ බෑ..... කවමදාකවත් හොර ගමනක් යන්න බැරි.. අමුතු අමුතු සද්ද දාන බයිසිකල් වල හොරෙන් ගෙදරට සේන්දු වෙලා කුස්සිය පැත්තෙන් ගෙට රින්ගනවා... ගෙදර මිනිස්සුන්ට ගඳ එයි කියලා, එහෙම ඇවිල්ල මාත් එක්ක ගෙදර ආපු කාලකණ්නියා ගෙදරින් එලව ගන්නකන් පිළිකණ්නට වෙලත් පච හලන එක නෙවෙයි පුදුමෙ මෙ ලෝකේ මෙච්චර පච තියෙනවද කියන එක
ඔය කතන්දරෙ ගෙදර යනකොට.....
ගෙදර එන්න පටන් ගන්නෙ ගණන් පන්තියේ ඉඳලා.. පුරුද්දකට වගේ පන්තියට යන ගමන් පංතිය ළගටම ළගටම ගිහිල්ලා ග‍්‍රහයො දෙන්නගෙන් එකෙක් අහන්න පටන් ගන්නවා පරණ පුරස්නෙම... "මචං අදනං මට පන්....!!" එතකොට අනිකා කියනවා.. "මාත් මෙ කියන්න හිටියෙ බෑ වගේ කියලා.....!!" ඉතිං දෙන්නටම පංති නෑ... පංතියට 40යි... දෙන්නෙකුටනම් 40 x 2 = 80යි එනම් දෙදෙනාටම 80යි... ඔකත් අරං වඩෙ කඩෙට රිංගලා ඇති වෙන්න වඩෙ 2 ගානේ 4ක් කනවා හොදි දාලා... 1ක් 5 බැගින් 4ට 5 x 4 = 20 ඉතිරි 80-20 = 60 ඔක හරියටම ඒ කාලේ 12න් බෙදුනා උත්තරෙ රන්පත් 5යි... ඔක තමයි අපේ ගණන් පන්තිය.. නිකන් ගණන් නෙවෙයි 'කොම්බයින් මැස්' හැමදාම එකම පාඩම.. එකම ගාන.. එපා වෙනවා...!! දැන් හරි.. පන්තියේ පැය බාගයක් ඉවරයි වෙලාව 5.00යි තව පැය 3.00ක් තියෙනවා
අපිත් එක්ක තව එකෙක් හිටියා උගේ නම නොකියා අපි උට එම්.පී කියලා කියමුකෝ ඔකත් අපිත් එක්ක තමා හිටියේ ඌ ගැන කියන්න ගියොත්......

ඉතින් ඕකගේ කාමරේ තියෙන්නේ ගෙදරින් පිට, ඌව ගෙදර තියගන්න පොඩි පොඩි අපහසුතා උන්ගේ දෙමව්පියන්ට තිබුනා කියමුකෝ...
ඌ ගණන් පන්තියේ අපි උගේ කාමරේ......අපේ දෙමව්පියන්ගේ කරුමෙට අපිට පරම්පාර්වෙන් ජාතියයි ආගමයි ඒ ගොලොලො අමාරුවෙන් හොයාගත්ත වැදගත්කමයි දෙයියනේ කියලා අපිට තිබුනා.. තියනවා කියලා හිතෙනවද මන්දා. ඒක නිසා ඒ ගෙදර කඩුල්ල උට වඩා ඒ කාලෙ අපිට ඇරිලා.අපි ඉතින් දැන් මේ ලොකේ නැති බොරු කියනවා.පැයක් හමාරක් බොරු කිව්වා කියන්නකෝ.දැන් දෙකක් විතර ඉවරයි. දැන් අපි යනවා රේල් පාර හොයගෙන බයිසිකල් කටු තල්ලු කරනවා.එතන අපි දෙන්නා සහෝදර බැම්මෙන් බැඳිලා එකක් දෙකට බෙදා ගෙන හෙමින් හෙමින් අපි බයිසිකලේ පැදගෙන කාටවත් නොපෙනෙන ගහක් යට කරුවලකට ඇවිත් දෙකම දල්වලා බොරු දෙකක් විතර කියලා පාර දිහා බලනකොට අඳුරන කියනකියන මනුස්සයෙක් පොඩි මොටෝ බයික් එකක් කකුල් දෙක අස්සේ ගහගෙන යන ගමන් අපිට සැලා එකක් දැම්මා මාත් උඩ පැනලා අත වනලා නරකයාගේ මූන දිහා බැලුවා ඌ මගේ දිහා බලන් ඉන්නවා.මම දැනගෙන හිටියා ඌ හරක් මස් කන් නෑ.. අම්මට සිරි උනේ එතනදි.මුගේ ආච්චිට හුරුල්ලො වැලයි......
අනේ අපේ ගණන් සර් නෙද මේ යන්නේ. මම අහන්නේ හැමදාම කාර් එකක යන මනුස්සයා හරියටම එදාට එතනින්ම යන්න ඕනද.....?????
මොනවා වුනත් හරි හොඳයි අපේ ගෙදරට කියලා තිබුනේ නෑ......
___________________________________________________________________________

Saturday, October 17, 2009

පොඩි කාලේ

මොන්ටිසොරි යන් නැතිව කෙලින්ම එක වසරට ගියපු එකේ අඩු පාඩුව තේරෙන්නෙ උසස් අධ්‍ය‍පනයට ඇවිල්ලා මොන්ටිසෝරි ගියපු උන් එක්ක ඉන්න ගියාම අපිත් මමත් ඉතින් උන්ට කියන්නේ මාත් මොන්ටිසොරි ගියා කියලා පස්සේ කාලයක් ගිහින් හොරෙන් අහපුවම මුන් එකෙක්වත් මොන්ටිසෝරි ගියපු උන් නෙමේ... අපිට සෙට් වෙන්නේ ඉතින් අපෙම එව්වොනෙ නේද.....?

පස්සේ මොන්ටිසොරි ගියපු උන් ලොකු එවුන් වගේ පැත්තකට වෙලා පාත්ති දානවා පැනි මුට්ටිය හලනවා.....

පොඩි කලෙ මුල් කැල්ල ඕක පස්සෙ අතල් ටික දන්න කියල තමයි හිතන් ඉන්නෙ........

තාම ලියනකන්

ඉක්මනටම ජීවිතේම උඩට බානකන් ටික දවසක් ඉන්නකෝ.......

Link and Search