Ads 468x60px

Wednesday, December 20, 2017

බිරිඳට ලියපුවා

හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව කොන්ද රිදෙන ඒවා මටත් දැනේ නම් කැමතියි එහෙට මෙහෙට ගහන බෙහෙත් අපිටත් ටික ටික දෙන්නයි නොකියන ඔය වේදනාව මතක් කරන්නත් සෝකයි හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලියයි ඒත් කෙල්ලේ ඕනෙම නම් හඳට යනවා මම එහෙමයි ඔයා විඳින වේදනාව නොදැනෙන එක නම් ඇත්තයි ඒත් මැණික ඔයාට මගේ තියන ආදරේ නම් සත්තයි

Link and Search